දහම් පාසල් වල ශිෂ්‍ය  නායක නායිකාවන්ගේ ආධ්‍යාත්මික හා පෞරුෂ සංවර්ධන වැඩසටහන - 2019

තුරුණු විය සොඳුරු ලෙස  මෙහෙයවමින් අනාගතයට අභිමානයක් එක් කිරීමට වෙහෙස වන දැයේ ආදරණීය තරුණ පරපුරට දහම් අධ්‍යාපනය තුළින් නිවැරදි නායකත්වයක් හා ආධ්‍යාත්මික සංවර්ධනයක් ළඟා කරදීම තේමා කරගත් වැඩසටහනක් 2019 ඔක්තෝබර් 26 දින මීගහතැන්න පිරිවෙන් පරිශ්‍රයේදි  පවත්වන ලදි.

මේ සඳහා වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ලියාපදිංචි දහම් පාසල් ශිෂ්‍ය නායක නායිකාවන් හා උප ශිෂ්‍ය නායක නායිකාවන් සහභාගි වූ අතර දහම් පාසල් අධ්‍යාපනය කෙරෙහි තව තවත් ශිෂ්‍ය ප්‍රජාව නැඹුරු කිරිම හා නායකත්ව ගුණාංග ප්‍රගුණ කිරිම,ආධ්‍යාත්මික සංවර්ධනයක් ඇති කරලීම තුළින් යහපත් තරුණ පරපුරක් බිහි කර ගැනීම ඉලක්ක ගත අරමුණු විය.

මේ සඳහා කථිකාචාර්ය ආර්.ඒ.විමල් පේමතිලක මහතා සහ වලල්ලාවිට ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී රංග අබේරත්න මහතා සම්පත් දායකත්වය සැපයූ අතර වලල්ලාවිට ප්‍රාදේශිය ලේකම් එම්. රංජන් පී. පෙරේරා මහතාගේ මග පෙන්විම මත බස්නාහිර පළාත් සංස්කෘතික නිලධාරි ජී.චන්ද්‍රලාල් මහතා විසින් සංවිධානය කරන ලදී.

1

2

3

4

මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන ක්‍රියාවලිය සඳහා යොමු කරලීමේ වැඩසටහන - 2019

සමාජ පිළිලයක් බවට පත්ව ඇති මත්ද්‍රව්‍ය භාවිත කරන්නන්ගේ ප්‍රමාණය දිනෙන් දින ඉහළ අගයක් ගන්නා නමුත් එය මර්දනය කිරීමට ඇති ක්‍රියා මාර්ග සාපේක්ෂ වශයෙන් අවම මට්ටමක පවතී. මෙවන් කාල වපසරියක් තුළ මත්ද්‍රව්‍ය  සඳහා ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනයට යොමු කරලීම උදෙසා ඒ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් එම්.

රංජන් පී. පෙරේරා මහතාගේ අධීක්ෂණය යටතේ මේජර් උපුල් හේරත් මහතාගේ ප්‍රාග්ධන සම්පත් දායකත්වයෙන් 2019 ඔක්තෝබර් 25 දින වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කාර්යයාලීය ශ්‍රවණාගාරයේදී පැවැත් වූ අතර ප්‍රජා විශෝධන නිලධාරිනී ඒ. කේ. ඩී. එන්. හේමන්ති මහත්මිය විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

කොට්ඨාසයේ ග්‍රාම නිළධාරීන්, සංවර්ධන නිළධාරීන්, ක්ෂත්‍ර නිළධාරීන් ඉලක්ක කරගනිමින් කළුතර පුනරුත්ථාපන සම්බන්ධීකරණ කාර්යයාලීය නිලධාරීන් විසින් මෙම වැඩසටහන පවත්වන ලදි.

1

2

ස්වයං රැකියා පුහුණු වැඩමුළුව - 2019

වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග්‍රාමීය  කාන්තාවන් ගේ ජිවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා ස්වයංරැකියා පුහුණුවක් ලෙසින් පිරිසිදු තුනපහ වර්ග ගෙදරදී සකස්කර ගැනීම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් එම්.රන්ජන් පී.පෙරේරා මහත්මාගේ අනුදැනුම මත 2019.ඔක්තෝම්බර්.21 දින වලල්ලාවිට දකුණ ග්‍රාම නිලධාරී කොට්ඨාශයේ  කාන්තා සමිති සාමාජික නිවසේදී පවත්වන ලදී.

787B වලල්ලාවිට දකුණ ග්‍රාම නිලධාරිනී කේ.ටී.ආර්.ඒ.ශ්‍රියාලතා මහත්මිය සහ සංවර්ධන නිලධාරී එච්.ආර්.යූ සුදසිංහ මහත්මිය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන වනිතාකටයුතු නිලධාරිනී අයි.ඒ.වීරක්කොඩි, මානවසම්පත් නිලධාරී එච්.එල්.සී.දමයන්ති, ඵලදායිතා ප්‍රවර්ධන නිලධාරී ඩබ්.කේ.නිරෝෂා කුමාරි,අභ්‍යාසලාභී උපධිධාරී එන්.ජි.නිල්මිණි යන මහත්මීන් ගේ සම්පත් දායකත්වයෙන් පවත්වන ලදී.

1

2

3

සිවිල් ලියාපදිංචි කිරීමේ අංශයේ කටයුතු විධිමත් කිරිම - 2019

වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ  අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්රා්ර් එස්.වී.එම්.එම් සමරසිංහ මහත්මා විසින් සිංවිධානය කරනු ලැබූ ආදාහනාගාර -සුසානභුමි වෙන්කර ගැනීම සඳහා ඉල්ලුම් කිරීමේදී පළාත් පාලන ආයතන වෙත  ඉදිරිපත් කළ යුතු ලේඛන පිළිබඳව ඒ හා සම්බන්ධ වන  නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2019 ඔක්තෝම්බර් 23 වන දින  ප්‍රාදේශීය ලේකම් එම්.රන්ජන් පී.පෙරේරා මහත්මාගේ මූලිකත්වයෙන්  කාර්යාලයීය  ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.

මෙහිදී විශේෂ දේශනයක් හදිසි මරණ පරීක්ෂක අරුණ දීප්ති ගුණසිංහ මහත්මා විසින් පවත්වන ලද අතර මෙම වැඩසටහන සඳහා සහකාර ප්‍රාදේශීය ලේකම්,පරිපාලන ග්‍රාම නිලධාරී,කොට්ඨාශයේ උප්පැන්න මරණ විවාහ රෙජිස්ට්රාර්වරු,හදිසි මරණ පරීක්ෂ්කවරු,කොට්ඨාශයේ ග්‍රාම නිලධාරීවරු,සහ මීගහතැන්න රෝහල,වලල්ලාවිට ප්‍රාදේශීය සභාව, මීගහතැන්න පොලිස් ස්ථානය නියෝජිත නිලධාරීන් ද ඇතුළුව විශාල පිරිසකගේ සහභාගිත්වයෙන්  මෙම වැඩසටහන සාර්ථකව පවත්වන ලදී.

1

43

පුංචි පහේ ළමා සිත්තරු - 2019

වලල්ලාවිට ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සාහිත්යේ උත්සවයේ හතරවන අදියර ලෙසින් ප්‍රාදේශීය ලේකම් එම්. රංජන් පී. පෙරේරා මහතාගේ උපදෙස් මත සංස්කෘතික සංවර්ධන සහකාර  ඒ. ඩී. චිත්‍රා මාලනී මහත්මිය විසින් සංවිධාන කරන ලද “පුංචි පහේ ළමා සිත්තරු” වැඩසටහන දෙයියාගල ආරණ්‍ය සේනාසන භුමියේදි 2019 ඔක්තෝබර්  11වන දින පෙර පාසල් ළමුන් 150 කගේ සහභාගීත්වයෙන් පවත්වන ලදි.

දෙයියාගල ආරණ්‍ය සේනාසනය හා තොටස් ඇල්ල ආශ්‍රිත ස්වභාව සෞන්දර්ය වින්දනය කරලිමේ අවස්ථාව පෙර පාසල් ළමුන් වෙත ලබා දී ඒ ඇසුරින් තම සිත් ගත් අවස්ථාවන් සිතුවමට නැංවිම සඳහා පෙර පාසල් දරුවන් යොමු කරවිම මෙහි අරමුණ විය

2

3

Screenshot 2019 10 14 11 36

පෙර පාසල් ගුරුවරියන් සඳහා කෙටි කාලීන සේවාස්ථ ගුරු පුහුණු වැඩසටහන - 2019

අනාගත ලෝකය දිනන්නට වෙර දරන මල් කැකුළු බඳු කුඩා දරුවන්ගේ හෙට දින සුරක්ෂිත කිරීම උදෙසා මහඟු දායකත්වයක් මුල් ළමාවිය සංවර්ධන ක්‍රියාකාරකම් මඟින් ලැබේ. මෙකී කර්තව්‍ය නිසි ලෙස සාක්ෂාත් කර ගැනීමට උරදෙන පෙර පාසල් ගුරුවරියන්ගේ දැනුම යාවත්කාලීන කිරීමේ වැඩසටහනක් 2019 අගෝස්තු 07 වන දින සිට පුරා දින 07 ක් සැසි 14 ක් ලෙස වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය රැස්වීම් ශාලාවේදී පවත්වන ලදී.

කාන්තා හා ළමා කටයුතු සහ වියළි කළාප සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩසටහන සඳහා සියළු පෙර පාසල් නියෝජනය වන පරිදි තෝරා ගත් පෙර පාසල් ගුරුවරියන් 51 ක් සහභාගී විය.

පෙර පාසල් ගුරුවරියන්ගේ දැනුම යාවත්කාලීන කිරීම හා කුසලතා ඉහළ නැංවීම, මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳව දේශීය හා ජාත්‍යන්තර ක්‍රමවේද පිළිබඳ දැනුවත් කිරීම අරමුණු කරගත් මෙම වැඩසටහන සඳහා මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ නියමු පුහුණුකරුවන් ලෙස පුහුණුව ලැබූ මුල් ළමාවිය සංවර්ධන නිලධාරීන් විසින් සම්පත් දායකත්වය ලබා දුනි. මේ සඳහා සහභාගී වූ සියළු ගුරුවරියන් හට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය මඟින් වටිනා සහතිකයක් පිරිනමන ලදී.

මෙම වැඩසටහන ප්‍රාදේශීය ලේකම් එම්. රංජන් පී. පෙරේරා මහතාගේ අධීක්ෂණය යටතේ මුල් ළමාවිය සංවර්ධන නිලධාරිනී එස්. ටී. සුරසි ලලන්තිකා මෙනවිය විසින් සංවිධානය කරන ලදී.

20190809 122932

20190815 105623

20190815 151741

නූර්ති ගී ප්‍රසංග වැඩසටහන - 2019

සාහිත්‍ය   කලා මහෝත්සවය වෙනුවෙන් පවත්වනු ලබන වැඩසටහනේ පස්වන අදියර ලෙසින් ටවර් හෝල් රඟහල පදනමෙහි පූර්ණ අනුග්‍රහය යටතේ ප්‍රාදේශීය ලේකම් එම්. රංජන් පී. පෙරේරා මහතාගේ අදහසක් ලෙස කාර්යාල නිලධාරින්ගේ හා පාසල් දරුවන්ගේ සුභාවිත රසවින්දනය උදෙසා සංස්කෘතික සංවර්ධන සහකාර  ඒ. ඩී. චිත්‍රා මාලනී මහත්මිය විසින් සංවිධානය කරනු ලැබු නූර්ති ගී ප්‍රසංගය 2019 ඔක්තෝබර් 17 වන දින වලල්ලාවිට ප්‍රාදේශිය ලේකම් කාර්යාලීයීය ප්‍රධාන රැස්විම් ශාලාවේ දී පවත්වන ලදි. ජනකාන්ත සම්මානනීය අග්‍රගන්‍ය කලාකරුවන් රැසකගේ සජීවී ගායන මෙන්ම රංගන කෞශ්‍යයන් දැක බලා ගනිමින් නූර්ති  ගී රසවිදීමේ දුර්ලභ අවස්ථාව මෙමගින් හිමිවිය.

FB IMG 1571823393390

පිළිකා කාරක සම්බන්ධව දැනුවත් කිරිමේ වැඩසටහන - 2019

වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් රංජන් පී පෙරේරා මහතාගේ අදහසක් මත වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා ඵලදායිතා ප්‍රවර්ධන ඒකකය අනුග්‍රහයෙන් වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියලු නිලධාරින් ආවරණය වන පරිදි  පිළිකා කාරක සම්බන්ධව දැනුවත් කිරිමේ වැඩසටහනක් 2019 ඔක්තෝබර් 11 වන දින වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයිය රැස්විම් ශාලාවේදි පවත්වන ලදි.

එහිදි පිළිකා කාරක පිළිබඳව  හා පිළිකා රෝග වලින් මිදිම පිළිබඳව දැනුවත් කරන ලද අතර  පොලිතින් භාවිතය අවම කිරිම පිළිබඳව ද දේශනයේදි අවධාරනය කරන ලදි.මේ සඳහා සම්පත් දායකත්වය කළුතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී වෛද්‍ය සුජිවා ගමඇතිගේ මහත්මිය විසින් සිදු කරන ලදි

IMG 20191011 144657

IMG 20191011 144752

IMG 20191011 144842

ධර්ම සාකච්ඡාව හා භාවනා වැඩ සටහන - 2019

බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන තිරසර පුණ්‍යග්‍රාම වැඩසටහන යටතේ  වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළින් තෝරාගත් පැලවත්ත ජනපද ගම්මානය සදහා අනුමත ආධ්‍යාත්මික සංවර්ධන වැඩසටහන පැලවත්ත ජනපදයේ ශ්‍රි  සම්බෝධි විහාරස්ථානයේ දී 2019 ඔක්තෝම්බර් 09 වන දින සුවිශේෂී ධර්ම දේශනාවක් හා භාවනා වැඩසටහනක් ලෙසින් පවත්වන ලදී.

මෙමගින් ප්‍රදේශයේ  ජනතාවගේ  ආගමික ප්‍රබෝධය ඇතිකරලීම මෙන්ම ආගමානුකූල ජිවන රටාවක් තුළින් තම ජීවිතය ධාර්මිකව ගොඩනගා ගන්නා අයුරු වඩාත් ක්‍රමානුකූලව ජනතාවට පහදා දීම අරමුණ විය.පූජ්‍ය ගොළුවාමුල්ලේ සද්ධා සුමන හිමිපාණන් වහන්සේ සහ විහාරාධිපති පූජ්‍ය කොළොන්ගස්වැව කුසලඤාණ හිමියන්ගේ ද සහභගීත්වය ඇතිව සිදු කරනු ලැබූ මෙම වැඩසටහන  වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් එම්.රන්ජන්.පී.පෙරේරා මහත්මා සහ සහකාර ප්‍රාදේශීය ලේකම් එරංගි ප්‍රනාන්දු මහත්මියගේ අනුදැනුම යටතේ බෞද්ධ කටයුතු සමායෝජක ආර්.එස්.ගමඇතිගේ මහත්මා විසින් සංවිධානය කරණ ලදී.850E-පැලවත්ත බටහිර දකුණ ග්‍රාම නිලධාරී එම්.ඒ.එන් කාන්තිඩමහත්මිය  සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරී මහත්ම මහත්මීන් රැසක් මෙම වැඩසටහන සඳහා සහභාගී  විය.

FB IMG 1571027679430

FB IMG 1571027687979

ආයුර්වේද වෛද්‍ය සායනය  හා බෝ නොවන රෝග පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන - 2019

බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරණු ලබන තිරසර පුණ්‍යග්‍රාම වැඩසටහන යටතේ තෝරාගත් වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පැලවත්ත ජනපද ගම්මානය සඳහා  අනුමත ආධ්‍යාත්මික සංවර්ධන වැඩසටහන යටතේ ආයුර්වේද වෛද්‍ය සායනය  හා බෝ නොවනරෝග පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පැලවත්ත ජනපද ශ්‍රි සම්බෝධි විහාරස්තනයේ  2019 ඔක්තෝම්බර් 04 වන දින පවත්වන ලදී.

මෙම වැඩසටහන මගින් එම ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ප්‍රවර්ධනය කිරීම සහ ඒ පිළිබඳ දැනුවත් භාවයක් ඇති කිරීම අරමුණු විය.ඒ අනුව සුවිශේෂී සම්පත් දායකත්වයක් ලබාදෙමින්  බෝනොවෙන රෝග ඇති වන ආකාරය හා ඒවා වලක්වා ගැනීම  පිළිබදව විශේෂ දැනුවත් කිරීමක් ආයුර්වේද ප්‍රජා වෛද්‍ය එම්.ඒ.සී මනෝරි මහත්මිය විසින් සිදුකරන ලදී.වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් එම්.රන්ජන්.පී.පෙරේරා මහත්මා සහ සහකාර ප්‍රාදේශීය ලේකම් එරංගි ප්‍රනාන්දු මහත්මියගේ අනුදැනුම මත බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරී ආර්.එස්.ගමඇතිගේ මහතා  සහ බෞද්ධ කටයුතු සංවර්ධන නිලධාරී උමේෂා ගංගානි මහත්මිය  විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහනට සංවර්ධන නිලධාරී සාරා ගුණරත්න මහත්මිය සංස්කෘතික සංවර්ධන නිලධාරී(බ:ප) ජී.චන්ද්රංලාල් මයා 850E-පැලවත්ත බටහිර දකුණ ග්‍රාම නිලධාරිනී එම්.ඒ.එන් කාන්ති මිය ඇතුළු නිලධාරීමහත්ම මහත්මීන් සහභාගී විය.

සුභාවිත ගී  රසවින්දන වැඩසටහන - 2019

බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන තිරසර පුණ්‍යග්‍රාම වැඩසටහන යටතේ වලල්ලාවිට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය තුළින් තෝරා ගත් පැලවත්ත ජනපදය ගම්මාන‍ය සඳහා අනුමත අධ්‍යාත්මික සංවර්ධන වැඩ සටහන යටතේ සුභාවිත ගී රසවින්දන වැඩසටහනක් 2019 සැප්තැප්බර් 22 පැලවත්ත ජනපදය ශ්‍රි සම්බෝධී විහාරස්ථානයේ පවත්වන ලදි.

මෙමගින් ප්‍රදේශයේ ජනතාවගේ රසඥතාවය වර්ධනය කිරිමමෙන්ම වර්තමාන සමාජයෙන් වියැකීයන සුභාවිත ගීතයන් ආරක්ෂාකර ගැනීම එහි වටිනාකම පිළිබඳ ජනතාව තුළ දැනුවත් භාවයක් ඇතිකිරීම අරමුණ විය.ප්‍රවීණ ආචාර්ය තිලක් පුෂ්ප කුමාර මහතා,ගායන ශිල්පී සුජිත් වඩනම්බි මහතා,වාදන ශිල්පී නලින් නාගොඩ විතාන මහතා ඇතුළු වාදන ශිල්පීන් මෙම වැඩසටහන සාර්ථක කරගැනීමට සම්පත් දායකත්වය සපයන ලදි.

වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් එම්. රංජන් පී. පෙරේරා මහතාගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම් එරංගි ප්‍රනාන්දු මහත්මියගේ  අනුදැනුම යටතේ බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරි ආර්.එස්.ගමඇතිගේ  මහතා විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහනට වලල්ලාවිට ශාසනාරකෂක බලමණ්ඩලේ ගරු ලේඛකාධිකාරී පූජ්‍ය ඕපාත ඥානිස්සර හිමිපාණන් වහන්සේ සහ විහාරාධිපති කොළොන්ගස්වැව කුසලඤාණ යන හිමිපාණන් වහන්සේලා ප්‍රධානව සංස්කෘතික සංවර්ධන නිලධාරී(බ:ප) ජී.චන්ද්‍රලාල් මයා 850E-පැලවත්ත බටහිර දකුණ ග්‍රාම නිලධාරිනී එම්.ඒ.එන් කාන්ති මිය ඇතුළු නිලධාරී මහත්ම මහත්මීන් සහභාගී විය.

FB IMG 1571027357414

FB IMG 1571027394869

ළමා සමාජ ළමුන්ගේ කුසලතා එළිදැක්විමේ වැඩ සටහන හා ත්‍යාග ප්‍රධානෝත්සවය - 2019

ලෝක ළමා දිනය නිමිති කර ගනිමින්  වලල්ලාවිට ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ  ළමා සමාජ දරුවන්ගේ කුසලතා ප්‍රවර්ධන වැඩ සටහන “ සුමිතුරු දැයකින් දිනවමු දරුවන්” යන තේමාව යටතේ 2019.ඔක්තෝම්බර් .05 දින ලෝක ළමා දිනය මුල් කර ගනිමින් වලල්ලාවිට ප්‍රදේශීය ලේකම් එම්. රංජන් පී. පෙරේරා මහතාගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම් එරංගි ප්‍රනාන්දු මහත්මියගේ අධික්ෂණය යටතේ ළමා හිමිකමි ප්‍රවර්ධන නිළධාරි රංග අබේරත්න මහතා විසින් වීරකන්ද ප්‍රථමික විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදි  පවත්වන ලදී. මෙහිදි ළමුන්ට තම කුසලතා එළිදැක්වීමට ද අවස්ථාව හිමි වු අතර සියලු දරුවන් වෙනුවෙන් ත්‍යාග ප්‍රධානයක් ද සිදු කරන ලදි.සංවිධාන දායකත්වය වීරකන්ද උදා සමාජය විසින් ලබා දෙන ලදි.

IMG 20191005 100618

IMG 20191005 101753

IMG 20191005 102253

බෝ නොවන රෝග පිළිබඳ දැනුවත් කිරිම හා පසු විපරම. - 2019

වලල්ලාවිට ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ මැදිහත්විමෙන් වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් එම්. රංජන් පී. පෙරේරා මහතාගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම් එරංගි ප්‍රනාන්දු මහත්මියගේ පුර්ණ අධික්ෂණය යටතේ 2019 ඔක්තෝබර් 01 දින බෝ නොවන රෝග පිළිබඳ දැනුවත් කිරිමේ වැඩ සටහනක් වලල්ලාවිට සුවි සුද්ධාරාම විහාරස්ථානයේදි පවත්වන ලදි.

ප්‍රජා කේන්ද්‍රීය සමිපත් හුවමාරු ප්‍රජා මධ්‍යස්ථාන‍ය වෙදවත්ත (CORE ආයතනය ) සමිබන්ධිකරණයෙන් බෝ නොවන රෝග සායනය සහ අවු.25ට වැඩි ජනතාව දැනුවත් කිරිම ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි එච්.ඒ.සී.මනෝරි මහත්මියගේ සහභාගිත්වයෙන් සිදු කෙරුණි.මෙහිදි මෙම වැඩසටහන සඳහා සහභාගිවු පිරිස් සදහා ඩෙංගු රෝගය ඇති වන ආකාරය පිළිබඳව දැනුවත් කිරිම සහ එය ඇතිවිමට පෙර වලක්වා ගැනිමට ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ දැනුවත් කරණ ලදි.

මේ සදහා අනුග්‍රාහක දායකත්වය සෞඛ්‍ය පෝෂණ සහා දේශිය වෛද්‍ය අමාත්‍යාංශය මගින් සපයන ලදි. දේශිය වෛද්‍ය සංවර්ධන නිලධාරි, ඒ.වි.කේ.ජයවර්ධන මහත්මිය විසින් සංවිධානය කරන ලද මෙම වැඩ සටහන සඳහා 787 B  වලල්ලාවිට 787 B ග්‍රාම නිලධාරි, කේ.ටී.ඒ.ආර්.ශ්‍රියාලතා මිය සහ සංවර්ධන නිලධාරි,උදුලා  සුදසිංහ මිය විසින් දන්වන ලද සහයෝගයෙන් සාර්ථක කර ගැනිමට හැකිවිය.

20191001 105809

20191001 113412

නේවාසික පුහුණු වැඩමුළුව - 2019

2019.ජුනි 26 /27 දෙදින පුරා පරිවාස හා  ළමා රක්ෂණ සේවා දෙපාර්තමේන්තුව, වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පූර්ණ අනුග්‍රහයෙන් තරුණ පිරිස් ඉලක්ක කර ගනිමින් රූණ කන්ද ජෛව විවිධත්ව පරිසර සංරක්ෂණ මධ්‍යස්ථානයේ දී සුවිශේෂී වැඩමුළුවක් සිදු කරන ලදී.

එහිදී තරුණතරුණියන්ගේ සිත් තුළ පැන නඟින ව්‍යාකූලත්වයන් අවම කිරීම,විවිධ ගැටලු ඇති වීමට පෙර එම ගැටළු වලක්වා ගැනීමට ක්‍රමවේදයන් පෙන්වා දීම හා සිතුවිලි සවිබල ගැන්වීම,සොභා දහම හා තරුණ පරපුර අතර ආධයාත්මික හා සෞන්දර්යාත්මක බැඳියාවන් ශක්තිමත් කිරීම හා සතුටින් වැඩ කිරීමේ ක්‍රමවේදයක් ඇති කිරීම සඳහා මෙම වැඩමුළුව සිදුකරන ලදී.වර්ථමාන සමාජය තුළ තරුණ පරපුර යනු ඉතා සුවිශේෂී සමාජ කණ්ඩායමක් වේ.සමාජය තුළ අනාගතය නිර්මාණය කිරීමට දායකවන පිරිසද,ඒ සදහා වගකීම උසුලන්නෝද ඔවුන් වෙති.

ඒ අනුව මෙම වැඩමුළුව එයට සහභාගීවූ තරුණ තරුණියන්ට ජිවිතයට නවුමු අත්දැකීමක් එක්කරන්නක්  විය.මෙම වැඩමුළුව ප්‍රාදේශීය ලේකම් තුමාගේ සහ සහකාර ප්‍රාදේශීය ලේඛම් තුමියගේ පූර්ණ අධීක්ෂණය යටතේ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී තුමන්ගේ ප්‍රධානත්වයෙන් කාර්යාලයීය මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණි.සංවිධාන දායකත්වය ළමා හිමිකම් නිලධාරීතුමන් විසින් ලබාදෙන ලදී.

IMG 20190627 070417

IMG 20190627 075848

News & Events

27
ජූලි2026
OUR VALUES

OUR VALUES

Scroll To Top