- පාර්ශවකරුවන් දෙදෙනාම මුස්ලිම්වරුන් නොවන අන් සියළු දෙනාටම, විවාහ (සාමාන්‍ය) ලියාපදිංචි කිරීමේ ආඥාපනත යටතේ විවාහ විය හැක.
|
- විවාහ දැන්වීම පිටපත් දෙකකින් යුතුව ලියා සහතික කර කොට්ඨාශයේ විවාහ රෙජිස්ට්‍රාර්ට භාර දෙන්න.
|
- දැන්වීම් සහතික කිරීමට බලය ඇති අය,
|
1. කොට්ඨාශයේ විවාහ රෙජිස්ට්‍රාර් |
| 2. සාමදාන විනිශ්චයකරුවකු |
| 3. ප්‍රසිද්ධ නොතාරිස්වරයකු |
| 4. දේවගැතිතුමකු |
- විවාහ දැන්වීමක් භාර දීම සඳහා සම්පූර්ණ කළ යුතු අවශ්‍යතා
|
|
| 1. පාර්ශවකරුවන් අදාළ කොට්ඨාශයේ පදිංචිය පිලිබඳ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම. |
i. විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල පාර්ශවකරුවන් කොට්ඨාශයේ පදිංචිව සිටිම. |
| ii. විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල පාර්ශවකරුවන් එකම කොට්ඨාශයේ නොව වෙන වෙනම කොට්ඨාශ වල පදිංචිව සිටිම. |
| iii. පාර්ශවකරුවන්ගෙන් එක් අයකු විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල ශ්‍රී ලංකාවේ පදිංචිව නොසිටියේ නම්, අනික් පාර්ශවය දින 10 ක් ශ්‍රී ලංකාවේ පදිංචිව සිටිම. |
| iv. දෙදෙනාගෙන් එක් අයකුවත් විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල ශ්‍රී ලංකාවේ පදිංචිව නොසිටියේ නම්, එක් පාර්ශවයක් දින 04 ක් ශ්‍රී ලංකාවේ පදිංචිව සිටිම. |
| 2. පාර්ශවකරුවන් දෙදෙනාම පසුගිය උපන් දිනයට වයස අවුරුදු18 සම්පූර්ණ කර තිබීම. |
| 3. ඔවුන් විවාහවීමට තහනම් නෑදෑයන් නොවන බව. |
| 4. ඒ වන විටත් වලංගු විවාහයක් නොපවතින බව. |
- විවාහ (සාමාන්‍ය) ලියාපදිංචි කිරීම සඳහා දැන්වීම දී දින 14 ක් ගත විය යුතුය. එසේ දින 14 ක් ගතවිමට කළින් විවාහ (සාමාන්‍ය) ලියාපදිංචි කිරීම සඳහා හැකියාව ඇත.
|
- කාර්යාලයෙන් පිටතදී විවාහයක් ලියාපදිංචි කරවා ගැනීම සඳහා ඉල්ලීමක් ඉදිරිපත් කළ හැකිය.
|
| |